ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2019
ජාතික කලා මහෝත්සවයට සමගාමීව මැදදුම්බර ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2019.09.24 වන දින තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ වගයි.
එදින උදෑසන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ සංගීත කණ්ඩායම විසින් මැදදුම්බර පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් “රස මංජරී” රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත් වු අතර ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයද සිදු කරන ලදී.
එදින සවස පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් ප්‍රවීන රංගන ශිල්පිණි දුලීකා මාරපන රංගනයෙන් දායක වූ “ලෝරන්ස්ගේ මනමාලි” වේදිකා නාට්‍ය සාර්ථකව වේදිකා ගතකරන ලදී.














