අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
මැයි2021

අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන අයදුම්පත්‍ර

අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන...

24
මාර්2021
මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම මැදදුම්බර ප්‍රාදේශීය...

ප්‍රාදේශීය ලේකම්

NuwanSir2024  නම නුවන් සී. හේමකුමාර මයා
සුදුසුකම්
  • ශාස්ත්‍රපති උපාධිය (පරිසර විද්‍යාව) - සුකුබා විශ්වවිද්‍යාලය (ජපානය)
  • විද්‍යාවේදී උපාධිය (භෞතික විද්‍යාව) - රුහුණු විශ්වවිද්‍යාලය
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව - SLIDA
  • නීතිවේදී උපාධිය(හදාරමින් සිටී) - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
රැකියා විස්තර
  • නියෝජ්‍ය/සහකාර ඉඩම් කොමසාරිස්, මහියංගනය - 2012 සිට 2019 දක්වා
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය - 2019 සිට 2021
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනිපේ - 2021 සිට 2024
  • ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදදුම්බර - 2024 සිට

සහකාර ප්‍රාදේශීය ලේකම්

  නම  Miss.W.M.C.N.K. Wickramasinghe
සුදුසුකම්
    • Master of Food and Nutrition - University of Peradeniya
    • Bachelor of Technology Specialized in Food Engineering and Bio Process Technology-Uva Wellassa University
    • Diploma in Public Administration - SLIDA
    • Certified Professional Life Coach ( ICF Level 1 )- Academy for Coaches
රැකියා විස්තර  
  • Assistant Director National Disaster Relief Center 2021
  • Assistant Secretary to Public Service Commission Uva Provincial Council from 2022
  • Assistant Director - Export Agriculture Department from 2023
  • Assistant Divisional Secretary to Divisional Secretariat Maedadumbara from 2026

ගණකාධිකාරී

  නම බි එම් යු ජයවර්ධන මයා
සුදුසුකම්  
රැකියා විස්තර  

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  නම අයි.බී ආර්.ආර්.කුමාරි මිය
සුදුසුකම්
රැකියා විස්තර

පරිපාලන නිලධාරී

    නම  
සුදුසුකම්
රැකියා විස්තර  

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී)

   AGN නම ඩබ්.ඩබ්.එන්. බණ්ඩා මයා
සුදුසුකම්
  • අ.පො.ස. (උ.පෙ)
  • ග්‍රාම නිලධාරී I
රැකියා විස්තර
  • ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උඩදුම්බර - 1998 සිට 2018 දක්වා

Our approved staff and the actual staff during the year 2024 as follows:

Designation Approved
Existing Vacancies
Divisional Secretary 01 01 -
Assistant Divisional Secretary 01 - 01
Accountant 01 01 -
Assistant Director (Planning) 01 01 -
Administrative Officer 01 01 -
Administrative Grama Niladhari 01 01 -
Additional District Registrar 01 01 -
Translator 01 - 01
Management Service Officer 32 26 06
Information and Communication Technology Assistant 01 - 01
Development Officer 08 14 -
Development Officer (Development) 102 101 -
Technical Officer 02 01 01
Technical Assistant 01 01 -
Grama Niladhari 93 77 16
Driver 02 02 -
Office Assistant 08 08 -
 Watcher 01 - 01

අපගේ දැක්ම

“සංතෘප්තිමත් පාරීභෝගික ප්‍රජාවක් තුළින් දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත් වීම ”

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහයෝගයෙන් යුත් තිරසාර සහ සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම අපගේ මෙහෙවර වේ.

පිහිටීම

උතුරු අක්ෂාංශ 7°10 '- 7°25 'ත් අතර ද නැගෙනහිර දේශාංශ 80°45 '- 80°57 ' ත් අතර ද පිහිටි මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20  අතරින් එකක් ලෙස පෙන්වා දිය හැක. එය උතුරින් පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද දකුණින් වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද බස්නාහිරින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම්ව පිහිටා ඇත. කන්ද උඩරට ඵෙතිහාසික රාජධානියට උරුමකම් කියන මෙම කාර්යාලය, මහනුවර මහියංගණ මාර්ගයේ මහනුවර නගරයේ සිට කි.මි 22 ක් ඔබ්බෙන් තෙල්දෙණිය නගරය තුළ පිහිටා ඇත.

ව්‍යාප්තිය

වර්ග කි.මි. 165.9 ක වපසරියක මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ස්ථානගතව ඇති අතර, ග්‍රාම නිළධාරි කොට්ඨාශ 93 තුළ ගම්මාන 262 ක් හදුනා ගැනීමට හැකි වේ.

භූගෝලීය ලක්ෂණ

සමතලා භූමියකින් බැහැරව පිහිටි මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා කදු පන්ති දක්නට ලැබේ.වන වදුලෙන් ආවරණව පවත්නා මෙම කොට්ඨාශය තුළ නැගෙනහිරට බරව නකල්ස් කදු වැටිය පිහිටා ඇත.ස්වභාව ධර්මයාගේ නිර්මාණයන් වු කුඩා දිය ඇළි,ජල පෝෂක ගංගාවන් මෙන්ම නානාවිධ කදු පන්ති වලින් මෙම ප්‍රදේශයට නිතැතින් අලංකාරයක් උරුම කර දේ.මෙම කොට්ඨාශයට මායිම්ව ගලා බසිනා හුළු ගඟ හා ගල් මල් ඔය වික්ටෝරියා ජලාශයට ජලය සපයන අතර එය ජල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සදහා මහත් දායකත්වයක් සපයයි.තවද කොට්ඨාශය තුළ භූගත ජල මටටම ගැඹුරින් නොපවතින අතර මතුපිටින් උල්පත් ජලය පවති.ජෛව විවිධත්වයෙන් අනුන ප්‍රදේශයක් ලෙස ද මෙම කොට්ඨාශය වැදගත් වේ.

කාලගුණික තත්ත්වය

කොට්ඨාශය තුළ පවත්නා කඩින් කඩ කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා ශීත කාලගුණික තත්ත්වයක් ප්‍රදේශය පුරා දක්නට ලැබේ.තවද ප්‍රදේශය පුරා තරමක වියළි කාලගුණික තත්ත්වයක් දක්නට ලැබුණ ද නැගෙනහිර මෝසම මගින් සැප්තැම්බර් සිට ජනවාරි මාසය දක්වා මහ කන්නය තුළ වර්ෂාව ලැබෙන අතර, ඊශාන දිග මෝසම් මගින් යල කන්නය තුළ මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා වර්ෂාව ලැබේ.කොට්ඨාශයේ පවත්නා කාලගුණික පරාසය සලකා බැලීමේදී කෘෂි පරිසර කලාප 3 කට බෙදිය හැක. එනම්,
1. මැද රට කදු හෙල් කලාපය
2. මැද රට  තෙත් කලාපය
3. මැද රට අන්තර් කලාපය වශයෙනි.
මෙහිදි කොට්ඨාශයේ දකුණු පෙදෙසට වඩා උතුරු පෙදෙසට වැඩි වර්ෂාපතනයක් වාර්තා වේ.

ඵෙතිහාසික පසුබිම

ඵෙතිහාසික වශයෙන් සළකන කළ බොහෝ රජවරු සම්බන්ධ වැදගත් වු ප්‍රදේශයක් වශයෙන් මැදදුම්බර ප්‍රදේශය බොහෝ ඵෙතිහාසික මුලාශ්‍ර වල හා ජනප්‍රවාද වල සදහන් වේ. ඌව වෙල්ලස්ස බිම්තැන්න හා නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ කන්ද උඩරට රාජධානිය හා සම්බන්ධ වු පුරාණ මාර්ගය මෙම ප්‍රදේශය හරහා ඵකළ ද වැටී තිබුණි. ඵ් හා සම්බන්ධ වු ගල් පඩි අදටත් හුන්නස්ගිරි කඳු ප්‍රදේශයේ දැක ගන්නට ඇත. ඵමෙන්ම රජවරුන්ගේ උයන් වතු හා මල් වතුද මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර විශේෂයෙන්ම පළමුවැනි විමලධර්මසුරිය රජු හා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ යන රජවරුන් සම්බන්ධයෙන් විවිධ පුරාවෘත්ත මෙම ප්‍රදේශය හා බැදී පවතී. ඵමෙන්ම ලන්දේසී ආක්‍රමණ පැවති අවධියේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මෙම ප්‍රදේශයේ සඟවා තබන ලද බවට සාක්ෂි ඇත.
 
ඵෙතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක් පහත දැක්වේ.
 
බෝමුරේ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ඉංග්‍රීසීන් විසින් අල්ලා ගත් ස්ථානය මැදමහනුවර - බෝමුරේ
වර්ෂ 1815 පෙබරවාරී 15 වන දින බෝමුරේ උඩුපිටි කෝරළගේ නිවසේදී ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නා ලද ස්ථානය ලෙස සදහන් වේ.

මැදමහනුවර රජ මහා විහාරය
ක්‍රි.ව. 15 වන ශත වර්ෂයේ පමණ ඉදිකරන ලද්දකි. දැනට මෙම ස්ථානයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි දළදා කරඬුව හා ඵෙතිහාසික මැදමහනුවර කොඩිය හා මැදදුම්බර කොඩිය සුරක්ෂිතව තබා ඇත.
මැදමහනුවර මාළිගා කුටිය
ක්‍රි.ව 1740 පමන දී ශ්‍රී විජය රාජසිංහ රජතුමන් විසින් ඉදිකළ මාළිගාව පැවති බවට නටඹුන් ඉතිරිව ඇත.

මැදමහනුවර කන්ද හෙවත් රජගල කන්ද
මෙම ස්ථානය විමලධර්මසූරිය රජු විසින් ගලේනුවර නමින් බලකොටුවක් ඉදිකර ඇති අතර මෙය අඩි 4392ක් උස කදු ශිකරයක සකස් කර ඇති අතර ආරක්ෂිත ගල් බැම්මද ගලින් කපන ලද දිය අගලක් ද දක්නට ඇත. ඵෙතිහාසික වටිනාකමින් යුත් මෙම ස්ථානයට මැදමහනුවර බෝමුරේ සිට උමඟක් තිබු බවටද සාක්ෂි ඇත.
මහදොරලියද්ද - කුරුවේනියන්දමේ
මෙය දස් කොන් අධිකාරම් ආදාහනය කළ ස්ථානය ලෙස සැළකේ.

බඹරගල රජමහා විහාරය
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකරන ලද්දකි. ගලෙන් නෙළන ලද පිළිම හා පැරණි චිත්‍ර දක්නට ලැබේ.

ආයතනයේ විකාශනය

මැදදුම්බර  දිස්ත්‍රික් ආදායම් කාර්යාලය(DRO), මහනුවර මහියංගණ ප‍්‍රධාන මාර්ගයේ පැරණි තෙල්දෙණිය නගරයට කි.මි 1ක් නුදුරින් රඹුක්වැල්ල බෙලෙක් පිහිල්ල යන ස්ථානයේ  පෞද්ගලික ගොඩනැගිල්ලක ඉදි කරන ලදි.  පසුව එහි ඉඩකඩ අවම වු බැවින් තෙල්දෙණිය නගරයේ සමුපකාර ගොඩනැගිල්ලේ උඩු මහලට ගෙනයන  ලදී. පසුව මෙම ආයතනය  සදහා වෙනමම ගොඩනැගිල්ලක් පැරණි තෙල්දෙණිය නගරය තුළ  ස්ථාපිත කරන ලදි.
1982 කඩිනම් මහවැලි යෝජනා  ක්‍රමය යටතේ ඇරඹි වික්ටෝරියා ජලාශය සදහා තෙල්දෙණිය නගරය යටවීමෙන්  පසුව මැදදුම්බර  DRO කාර්යාලය තාවකාලික ස්ථානකට (කරල්ලියද්ද මහතාගේ නිවසට) රැගෙන යාමෙන් අනතුරුව  කැලෑ බිමක් ලෙස පැවති කරල්ලියද්ද අනිල කැලේ ස්ථානයේ එක් ගොඩනැගිල්ලකින් මෙම ආයතනය රජයේ ගොඩනැගිල්ලක් ලෙස අරඹන ලදි.
මෙතෙක් පැවති DRO කාර්යාලය හෙවත් උප දිසාපති කාර්යාලය 1990 දශකයෙන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පරිවර්තනය වු අතර එහි පරිපාලන නිලධාරියා වන උප දිසාපති ප්‍රාදේශීය ලේකම් බවට පත්විය.
මෙතෙක් එක් ගොඩනැගිල්ලක පමණක් සිදු කරන ලද කාර්යාල කටයුතු සදහා  1991 න් පසුව තුන් මහල් ගොඩනැගිල්ලක් ද  මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එක් වේ.

සේවා සැපයුම

මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න,විවාහ,මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ මුදල් ගෙවා ලබා ගත් රිසිට්පත  පමණි. වර්තමානයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට  සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් විශාල ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රදේශිය ලේකම් කාර්යාල, උපත්,විවාහ,මරණ සහතික පරිගණකය මගින් මහනුවර දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියලුම නව සංකල්ප සියල්ලම පවතින එකම ප්‍රදේශීය ලේකම් කාර්යාලය ද මෙය වේ.

1961 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම            සිට                  දක්වා      
ඵන්.ඵ් නවරත්න මහතා 1961.02.01 1962.03.20
ජි.පී. ඉලංගසිංහ මහතා 1962.05.01 1965.03.20
ඩබ්.තිලකරත්න මහතා 1965.03.23 1967.06.30
ඵ්.රණසිංහ මහතා 1967.07.01 1968.12.31
ඵච්.ඵම්.ජි.පි බංඩාර මහතා 1969.01.01 1972.06.30
ඵච්.කේ.ඵම් අබේකෝන් මහතා 1972.07.01 1974.07.14
කේ. අබේකෝන් මහතා 1974.07.15 1978.02.05
ඵ්. කපුආරච්චි මහතා 1978.02.06 1981.01.31
ආර්.කේ.ජි. ගුණවර්ධන මහතා 1981.02.01 1991.02.28
සී.උබේසේකර මිය 1991.03.01 1992.08.16
ඵස්. පුස්සේපිටිය මහතා 1992.08.17 1997.09.30
පී.ජි.ඵච්.ඵම් සුගතදාස මහතා 1997.10.01 2000.07.01
ඵස්.ඩි.ඵ්.බී බොරලැස්ස මහතා 2000.07.03 2002.11.21
ටී.බී.ඵස්.බී තෙන්නකෝන් මහතා 2002.11.22 2006..09.04
පී.ඵ්.ඵස්.ඵච් බොරලැස්ස මිය 2008.09.05 2012.12.04
ජේ.ඒම්.ජේ.කේ ජයසුන්දර මහතා 2012.12.05 2017.04.19
ඒ.එම්. ව්ක්‍රමාරච්චි මයා 2017.04.21 2022.07.31 
යූ.පී.අයි.ඒ.පියදාස මයා 2022.08.01 2024.02.29
නුවන් සී හේමකුමාර මයා 2024.03.07 -
 
Scroll To Top