මතින් නිදහස් රටක් "බක්මහ දිවුරුම"
අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන මතින් නිදහස් රටක් වෙනුවෙන් "බක්මහ දිවුරුම" ප්‍රතිඥාව සිදු කිරීමේ සමාරම්භක වැඩසටහනට සමගාමීව, අප කාර්යාල නිලධාරින්ගේ බක්මහ දිවුරුම් ප්‍රතිඥාව 2019.04.03 වන දින පෙ.ව. 8.30ට ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


මෙම මස කොට්ඨාශ දින රැස්වීම 2019.05.07 දින කාර්යාලීය ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
සෙනෙහස සෞන්දර්යාත්මක වැඩසටහන


ජාතීන් අතර සහයෝගිතාව වර්ධනය කිරිම ප්‍රධාන අරමුණ කොට ගෙන මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ගර්භණී මව්වරුන්ගේ සහභගීත්වයෙන් පවත්වන ලද සෙනෙහස සෞන්දර්යාත්මක වැඩසටහන 2018.04.10වන දින පැවැත්විණ.
ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2018


ජාතික කලා මහෝත්සවයට සමගාමීව මැදදුම්බර ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2018.10.22 වන දින තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එදින උදෑසන ප්‍රවීණ සංගීතවේදී දිලාන් වික්‍රමසිංහ , ප්‍රවීණ මාධ්‍ය වේදී අසේල බණ්ඩාරනායක, නර්තනාචාර්යය සිසිර රංගාධිපති ඇතුළු පිරිස විසින් මැදදුම්බර පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් ජන ගී රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත් වු අතර ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියලු නිලධාරීන් ද සහභාගී විය.
එදින සවස ආචාර්යය ජයලත් මනෝරත්න ශූරීන්ගේ “ගුරුතරුව” වේදිකා නාට්‍ය සාර්ථකව වේදිකා ගතකරන ලදී.
කාර්යාලීය “අපේ බක් මහ උළෙල”


මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද “අපේ බක් මහ උළෙල” 2018.04.20දින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.














