මෙම මස කොට්ඨාශ දින රැස්වීම 2020.12.02 දින පෙ.ව. 9.30 ට ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2019
ජාතික කලා මහෝත්සවයට සමගාමීව මැදදුම්බර ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2019.09.24 වන දින තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ වගයි.
එදින උදෑසන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ සංගීත කණ්ඩායම විසින් මැදදුම්බර පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් “රස මංජරී” රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත් වු අතර ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයද සිදු කරන ලදී.
එදින සවස පාසල් ශිෂ්‍යයන් වෙනුවෙන් ප්‍රවීන රංගන ශිල්පිණි දුලීකා මාරපන රංගනයෙන් දායක වූ “ලෝරන්ස්ගේ මනමාලි” වේදිකා නාට්‍ය සාර්ථකව වේදිකා ගතකරන ලදී.
ජන රජ දිනය සැමරීම
ස්වදේශ කටයුතු චක්‍රලේඛ 15/2019 පරිදි 2019.05.22 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජන රජ දිනය සැමරීම සිදුකරන ලදී.

රාජ්‍ය පොසොන් උත්සවය සැමරීම - 2019
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව “සබ්බේ තසන්ති දණ්ඩස්ස” (සියළු සත්වයෝ දඬුවමට බිය වෙති) යන්න තේමා කර ගනිමින්, ප්‍රාදේශීය ලේකම් තුමාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සමස්ත කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් 2019.06.13 දින සර්වරාත්‍රික පරිත්‍රාණ සජ්ජායනය හා 2019.06.14 දින සංගගත දක්ෂිණාමය පිංකම කාර්යාලීය පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්වුණි.







රාජ්‍ය වෙසක් උත්සවය සැමරීම - 2019
2019 රාජ්‍ය වෙසක් උත්සවය නිමිති කරමින් අප කාර්යාලයේ සිදු කරන ලද ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා
















